Posts

බිත්තියෙ තියන කැඩපත මට කියනවද? ලෝකෙන් ඉතා ලස්සණ වන්නේ කවුද?

Image
බිත්තියෙ තියන කැඩපත මට කියනවද... ලෝකෙන් ඉතා ලස්සණ වන්නේ කවුද? සින්ඩරෙල්ලා ගේ පුංචි අම්ම එහෙම අහනවලු හැමදාම. ඔබත් ඒ වගේ කොපමණ වෙලාවක් කැඩපත ඉදිරියේ කාලය ගෙවා ඇතිද? ඒත් නිකමට හෝ තමා ගෙන් ඇහුවද ඒ ඉන්නේ කවුද කියලා? පළමු වතාවට කැඩපතකින් තම ඡායාව දුටු ගමරාළ නම් කීවලු ඒ තමා ගේ අප්පොච්චා බව.  ඇයි ඔබ ඒ ඉන්නේ තමාම බව හිතන්නේ.  කුරුල්ලෝ සමහර විටෙක ඒ තම ප්‍රතිබිම්බය බව නොදැන කොටනවාත් දැක ඇති. අලියෙක් නම් මා වීඩියෝ ක්ලිපයක දැක්කා තම නළලේ තිලකයක් තබා ගන්නවා කැඩපතින් බලලා. රේරුකානේ හාමුදුරුවෝ මෙහෙම කියනවා.... ඔබ පසුගිය ආත්මය බවත් ....කැඩපතේ දකින රුව මේ ආත්මය බවත්. මොකද කියන්නේ ? ඔවු උන්වහන්සේ ඒක කියන්නේ තේරුමක් ඇතිව.  ඔබ ගේ සිත, ඇස ,කණ,නාසයාදී ඉන්ද්‍රියයන් මගින් මේ ප්‍රතිබිම්බය ඔබේ බවට ඔබ තුළ තහවුරු කරනවා. එවගේම දැන් ඔබ ඔබ ගේ සිරුර ලෙස දකින දෙය , අත ගෑවම සිරුර කියා අතට අසුවන දෙය .... ඒ දකින ප්‍රතිබිම්බය වගේම ඇත්ත එකක් නෙමේ නේද කියලා. ඒකත් අරවගේම ඉන්ද්‍රිය මායාවක් නේද කියලා.ඇස, කණ. නාසය,දිව,කය,.... සිත හා එක්ව ඔබ ඔබව කර පෙන්වයි.... අර කැඩපත මායාව වගේ. ඇත්තේ පුද්ගලයෙක්ද?... නැත්න...

පාරමී

Image
““රාහුලෝ ජාතො බන්ධනො ජා පෙරුමන් පුරල පුරල එක වහලක්යටට ආවේ මේ මිහිර සොයා නොවේදෝ? අද අප දෙදෙනෙක් නැත. හෙට අනිද්දාට මේ කැදැල්ල සරසන්න ලස්සන පුංචි කුමරුවෙක් , කුමරියක් අනවසරයෙන් වුව අප කැදැල්ලට ගොඩවෙනු ඇත. ඔහු,ඈ, අප බැදීම තව තව තහවුරු කරනු ඇත. “රාහුලෝ ජාතො බන්ධනො ජාතො“ කී තො““ + ++++++++++++++++++++++  වේ එබැවින් යැයි සිතේ. මේ බන්ධනය හැරයන්න ඔබට මට හැකිද? ඒ අපේ ආත්මීය බැදීමයි කියනු අසා ඇත්තෙමි. කෙසේනම් මා මිදෙන්නද? සිදුහත් සේ මට ඔබ දමා යා නොහැක. ඒ ඔබ යශෝධරාවක් නොවන බැවිනි. රාහුලයන් සේ ද දමා යා නොහැක. ඒ හදාවඩා සමාජගත කිරීමේ වගකීම දෙදෙනා කරට ගන්නට ගිවිස ඇති බැවිනි. ඒත්.....,මේ බැදීම්.. අප නොදැනුවත්වම යම් දිනෙක වියැකී යනු ඇත. එය දැන ,,, හෙට දින ගැන තිර නොකොට ඉමු. එයයි සැනසීම එයයි නිවීම.

සසර ගමන

Image
සංසාරගමනේ තණ්හා ආශා .. ක්ලේශමාරසේනා... ඒ අමරදේවයන් ගේ හඩ. කුසයකින් බිහිව ජීවන මංපෙතේ කරක්ගැසූ අප තුළ ඇත්තේ මතක සමුදායයන් පමණි. ඒ අතීතයේ සිදුවීම් සියල්ල අදුරු සෙවනැළි මෙන් මට යාන්තමට අද සිහියට නැගේ.  සොබා දහම කෙතරම් නම් අපූරුද?  එදා විදි දුක්ඛ දෝමනස්සයන් අද ඉදහිට විදුලියක් කෙටුවාක් සේ මතකයට නැගී ගියත් ඒ සිහිනයක් මෙනි. එසේ නොවන්නට මම හැමදාම පිච්චි පිච්චී ඉන්ට තිබුණි. අද මම සියලු මතක ඉවතලා ගමන නිමා කරන්නෙමි. මගේ සිත මට අවසර දෙන්න නික්මයාමට. තවෙකෙකුට ඉඩ දෙන්න මේ ලොව. AnandaW.

හුදෙකලාව හා නිහැඩියාව

Image
හුදෙකලාව හා නිහැඩියාව   අද අප වැඩි දෙනෙක් මේ දෙකටම කැමැති නැහැයි කීවොත් ඔබ මා හා එකග වෙනු ඇත. නෙනෙකුට මෙය බිය ගෙන දෙන්නක් ද විය හැක. එහෙත් මා කීවාටම නොව ඔබම මේ අත්දැකීම විද බලන්න. ඔබට දැනෙන සහනය කෙතරම්දැයි සිතාගත හැකිවනු ඇත.  කන්කරච්චලයෙන් මිදී නිහඩ වෙල් ඉස්මත්තක හෝ වන වදුලක ඇති සොදුරු බව නෙතින් ,ගතින්,සිතින්,විදින්න. මේ නිසාම වෙන්න ඇති නිවනේ නිවීම සොයන ආර්යයෝ ගහකොල,තුරුවදුලු තම නිවහන කරගත්තේ. ඔබට වුව ඔබේ දොම්නස් සිත සොම්නසින් පුරවා ගන්න නම් හදවතේ හඩට සවන් දෙන්න. ගැටලු ලිහාගන්න නිදහසේ සිතුවිලිවලට ගලායන්න දෙන්න. නිල්වන් අහස දෙස බලා සිතුවම් මවන්න. දිය පහරක සිලිසිලිය හෝ දුළං පොදක හීන් කෙදිරියට සවන් යොමන්න. ඔබේ දාහය නිවී සිත සැතපෙනු ඇත. එය එකම භාවනාවක් සේ දැනෙනු ඇත. මෙය ජීවිතයට පුරුදුකරගන්න. අවිවේකී බවින් මිදී හැකි හැම විටෙකම නිහඩ පරිසරයක සොදුරු සොබාව වැලදගන්න. එය එකම මිතුරාකර ගන්න. ඔබේ ගැටලු මුමුණන්න. පිළිතුරු එසැණින් ලැබෙනු ඇත. AnandaW.

භෞතික සිත හා ඥානදර්ශනය

Image
භෞතික සිත හා ඥානදර්ශනය ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^ ( භාවනාව පිළිබද සංවාදයදී පැන නැගුණ ගැටලු වලට පිළිතුරක් වශයෙන් යැවූ පණිවිඩයකි) භෞතික සිත පිළිබද මාගේ ගැටලුවක් නැත. ඒ පිළිබද මට ද අත්දැකීම් ඇත. ඒ සිත තමා ඔබ තුමිය අද සිටින අධ්‍යාපන මට්ටමට/ රැකියාවේ කාර්යභාරයේ වගකීම් සම්භාරය ඉටුකරන තැනට ගෙනආවේ.  එසේම දැනුමෙන්/අභ්‍යාසයෙන් ඒ සිත ඔප මට්ටම් වුණා. ඒත් ප්‍රඥාව? ..... ඒ කෙනෙකුට දිය හැකි නම් බුදු හිමියන් එවන් අය සොයා ම ගොස් දේශණා කළේ ඇයි? ඊලගට බුදු සමය ප්‍රඥාවන්තයනට පමණක් සීමා වන බවක් ප්‍රකාශ කළේ ඇයි? දැයි සිතන්න. මා දන්නා තරමින් භෞතික “සිත“ හා “ප්‍රඥාව“ අතර සම්බන්ධතාවයක් නැහ. භෞතික සිතක ඒකාග්‍රතාවය පාලනය අංජනම්කාරයාටත් පිලිවන. ප්‍රඥාව යනු වඩන හෝ රකින එකක් නොවේ. ඒ තමා ධර්මතාවය. ඒ තේරුම් ගන්නවා හැරෙන්න අපට කළයුතු කිසිවක් නැත. එයයි මා පුන පුනා කීවේ. ධර්මතාවයන්... කිසියම් විශ්ව ගාමක බලවේගයක ප්‍රථිඵලයක් විය හැක. මා අසා ඇති පරිදි එය හේතු ප්‍රත්‍ය මත සිදුවන්නක් නොවේ. බඩඉරිගු කරලක ඇට ලස්සණ මෝස්තරයකට හැඩගැන්වී ඇත්තේත් කුරුමිණියා ගේ සමනළයා ගේ වර්ණ වල විචිත්‍රත්වයත් වැනි විශ්වය තුළ ඇති අපූරු දේ ම...
Image
අප නිතර කතා කරන “නාම“ “ රූප “ ...... යනු මොනවාද? ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^ 1. නාම.... යන්නෙහි දළ අදහස මානසින හෙවත් මනසට ගෝචර වන දේවල්ය. දම්මානු පස්සනා... චිත්තානු පස්සනා වැනි සිතෙන් කරන අභ්‍යාස එහි ගැඹුරටම යන අතර.......... එදිනෙදා ජීවිතයේදී සිතට අරමුණු වන දේවල් “නාම“ වශයෙන් ගනිමු. 2. “ රූප “ .... යනු මහ භූතවලින් ( ආපෝ.. තේජෝ... වායෝ.... පඨවි ) නිර්මිත වූ ජීව.. අජීව සියල්ලය. ගහ කොළ සතා සීපාවා පාරිසරික දේ මීට අයත්වේ. මේ දෙක එකකට එකක් වශයෙන් සංයෝජනය වී පවතී. උදාහරණයක් හැටියට “ ගසක්‘ යන රූපය ගනිමු. එය මහ භූතවලින් සැකසුන එකකි. නමුත් මේ ගස ඇසෙන් දකින විටම ගසක් යන සංඥාව මොළයට යැවේ.  මොළයෙහි ගස පිළිබදව පූර්ව මතකයන් ඇත. ඒ මතක සමග ඇස ගැටුණ ගසේ රුව අපට ගස ගැන විවරනයක් ලබාදේ. ඒ අනුව අප   “ රතු රෝස මල් ගස...“. යන විඤ්ඤානය අපට ලැබේ. මෙවන් විඤ්ඤාන ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් මනසෙහි වේ. අරමුණ ඉන්ද්‍රිය හා ගැටෙත්ම එකී ගබඩාවෙන් අදාළ තොරතුරැ ( දත්ත) ගිණිය නොහැකි වේගයෙන් සිතට ගලා එයි. එපමණක් ද නොවේ. ............. නැවත නැවත විශ්ලේෂණය කොට නව විඤ්ඤාන බිහිව ගබඩා කෙරේ. මේවා සමහරක් ජීවිත කාලයටම ම...

කැලේ ගසක් වෙමි

Image
කැලේ ගසක් වෙමි පරිසරයට අනුගතව ආලෝකය/ වාතය/ ජලය ලබමින් පසෙන් පෝෂණය වෙමින් මා කෙමෙන් වැඩෙමි. මාගේ මල් , ඵල ලබනට විහගුන්, බිගුන්, සමනලුන් , මා කෙරේ පැමිණෙත්. ඔවුන ගේ ගුමු ගුමුව, කිචිබිචිය මා දෙසවන් වැටේ. මනස්කාන්ත සුන්දරත්වය, වර්ණය, මා ඇස ගැටේ. නමුත් මට ඒ ගැන නිනව්වක් නැත. ඔවුන් කියන දේ ගැන මම නොතකමි. ඔවුනගේ පැමිණීම හෝ මල් ඵල නැති කලට මා දෙස නොබලා අනෙක් ගසක් වෙත යාම ගැන මගේ සතුටක් හෝ අසතුටක් නැත. මගේ ඵල රසවත් යැයි ඔවුන් කියනු ඇත. තවෙකෙක් නීරස යැයිද පවසනු ඇත. මොනවා කීවත් මට ඉන් සතුටක් හෝ අසතුටක් නොදැනේ. සොබාවික වෙනස්වීම් මා නිහඩව විද දරාගනිමි. ඇනුම් පද කීමක් හෝ ස්ත්‍රොත්‍ර ගැයීමක් මා නොකරමි. මගේ සෙවන ලැබුවෙක් මාගේ අතුපතර සිද දැම්ම ද , තවෙකෙක් පැමිණ ජලය, පෝර සපයා මා ජීවත් කරනට උත්සහ කළද මම එම දෙදෙනාටම සෙවන දෙමි. දෙදෙනාටම සම මෙත් පතුරවමි. තව තවත් ඉදිරි පරපුර රැකගන්නට දායාද දෙමි. කෙදිනක හෝ නිහඩව සමු ගනිමි. මා සිටි බවක් කවරෙකු හෝ නොදන්නවා ද විය හැක. මා කැලේ ගසක්මි. මනසින් උසස් ඔබට මා මෙන් මෙත්තා ... මුදිතා .... කරැණා ... උපෙක්ඛා ... ගුණයන් සැබවටම දැරිය හැකිද? (ආනන්ද විජයරත්න - අඡාන්චා හිමි...