Posts

Showing posts from October, 2011

Adding items to a public page

ඔබේ සිත දෙස බලන්න. එය නිබදවම වෙනස්වන අයුරැ දකින්න. එය ක්ෂණයකුදු නොපවත්නේ වෙයි.( ලහු පරිවත්තං චිත්තං ) . ඔබ රූපය දෙස බලන්න. එය නිබදවම බැහරින් හා ඇතුළතින් වෙනස්වන අයුරු පිරික්සන්න. ඇස ,කණ,නාසය, දිව, සම වලින් ගන්නා අරමුණු මත මන එක්වී කරන සමායෝජනයෙන් සිතුවිලි ඇතිවේ. එකම දේ දෙදෙනෙක් දකින්නේ දෙවිදිහකටය. දක්වන ප්‍රතිචාරද වෙනස් විය හැක. සැප දුක,වේදනා අත් විදින්නේ එක් එක් කෙනා වෙනස්වය. මේ සදහා ඔබ තම නැණ නුවණ යොදාගත යුතුය.  ඇස අපව රවටනු ලබයි. කණ අපව රවටයි. මේවා දකින්න එම මායාව හදුනා ගන්න ඔබ සමත් විය යුතුයි. අඹ ගෙඩියක ඇඹුල් රසය කන කෙනා ගේ මුහුණෙන් වුව අපට වටහා ගත හැත.ඒත් ඇඹුල් මේ වගේ රසක් යැයි වචනවලින් කිව්වාට සංජානනය නොවේ. අප එය අනුභව කොට වටහා ගත යුතුය.බඩ ගින්න වුව , පිපාසය වුව, වචනවලින් නොහැගේ. ඒ නිසා ඒ සදහා ප්‍රත්‍යක්ෂය ඇවැසි වේ.