Posts

Showing posts from December, 2013
Image
ඔබ ගේ සමීපතමයෙකු මරණ මංචකයේ වැතිර සිටිනු දකින ඔබට කළ හැකි යමක්වේද? ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^ ^^^^^^^^^^^^^^ මව,පියා,බිරිද, ස්වාමියා,දරුවා, මිතුරා ඔබ හැරයාමට සැරසේ.  ජීවිතයේ ඔබ මුහුණ දෙන අමාරුම අවස්ථාවයි අසරණම අවස්ථාවයි ඒ...... ආදරණීයයා කෙළින්ම අමතන්න. ඔහු ගේ අතක් දැඩිව ගන්න. අල්ලාගෙන ඔහු තමා වෙනුවෙන් වැය කළ දේ වල අගය පවසන්න. එවන් කෙනෙකු ලැබීම ගැන සතුටුවන බව කියන්න. තව දුරටත් ඔබ අප වෙනුවෙන් මහන්සි නොවී ඔබ සොයන සැනසිල්ල මේ මොහොතේ විද ගන්න අප සියලු දෙනාගේම ආශීර්වාද ඔහුට  හිමිවන බව හැඩීම් වැළපීමෙන් තොරව දන්වන්න. මේ මොහොතේත් ඔහු හා එක්ව එම අවස්ථාවට මුහුණු දීමට ශක්තිය,ධෛර්ය දෙන බව අත තදින්ම ගෙන එඩිතරව කියන්න.තමා ඔහු සමගම ගමනේ නිමාව අවස්ථාව දක්වා ඉන්න බවත්, බියවිය යුතු කිසිවක් නොමැති වගත් දන්වන්න. ඔහුට සුවදායක මරණයක් හිමිවනු ඇත.පසුව අත හෙමින් ඉවත් කරගන්න. ( මේ කටයුත්තට පුහුණුව සිටි එකී වෛද්‍යවරයාට කෙතරම් ඉල්ලුමක් වීද යතහොත් පසුව ඉටු කිරීමට බැරිතරම් වීය. ) (Understanding the dying process may help ease fear of death.)