සසර ගමන
සංසාරගමනේ තණ්හා ආශා .. ක්ලේශමාරසේනා... ඒ අමරදේවයන් ගේ හඩ. කුසයකින් බිහිව ජීවන මංපෙතේ කරක්ගැසූ අප තුළ ඇත්තේ මතක සමුදායයන් පමණි. ඒ අතීතයේ සිදුවීම් සියල්ල අදුරු සෙවනැළි මෙන් මට යාන්තමට අද සිහියට නැගේ. සොබා දහම කෙතරම් නම් අපූරුද? එදා විදි දුක්ඛ දෝමනස්සයන් අද ඉදහිට විදුලියක් කෙටුවාක් සේ මතකයට නැගී ගියත් ඒ සිහිනයක් මෙනි. එසේ නොවන්නට මම හැමදාම පිච්චි පිච්චී ඉන්ට තිබුණි. අද මම සියලු මතක ඉවතලා ගමන නිමා කරන්නෙමි. මගේ සිත මට අවසර දෙන්න නික්මයාමට. තවෙකෙකුට ඉඩ දෙන්න මේ ලොව. AnandaW.