බිත්තියෙ තියන කැඩපත මට කියනවද? ලෝකෙන් ඉතා ලස්සණ වන්නේ කවුද?

බිත්තියෙ තියන කැඩපත මට කියනවද... ලෝකෙන් ඉතා ලස්සණ

වන්නේ කවුද?


සින්ඩරෙල්ලා ගේ පුංචි අම්ම එහෙම අහනවලු හැමදාම.
ඔබත් ඒ වගේ කොපමණ වෙලාවක් කැඩපත ඉදිරියේ කාලය ගෙවා ඇතිද? ඒත් නිකමට හෝ තමා ගෙන් ඇහුවද ඒ ඉන්නේ කවුද කියලා?
පළමු වතාවට කැඩපතකින් තම ඡායාව දුටු ගමරාළ නම් කීවලු ඒ තමා ගේ අප්පොච්චා බව. 
ඇයි ඔබ ඒ ඉන්නේ තමාම බව හිතන්නේ. 
කුරුල්ලෝ සමහර විටෙක ඒ තම ප්‍රතිබිම්බය බව නොදැන කොටනවාත් දැක ඇති. අලියෙක් නම් මා වීඩියෝ ක්ලිපයක දැක්කා තම නළලේ තිලකයක් තබා ගන්නවා කැඩපතින් බලලා.
රේරුකානේ හාමුදුරුවෝ මෙහෙම කියනවා....
ඔබ පසුගිය ආත්මය බවත් ....කැඩපතේ දකින රුව මේ ආත්මය බවත්. මොකද කියන්නේ ? ඔවු උන්වහන්සේ ඒක කියන්නේ තේරුමක් ඇතිව. 
ඔබ ගේ සිත, ඇස ,කණ,නාසයාදී ඉන්ද්‍රියයන් මගින් මේ ප්‍රතිබිම්බය ඔබේ බවට ඔබ තුළ තහවුරු කරනවා.
එවගේම දැන් ඔබ ඔබ ගේ සිරුර ලෙස දකින දෙය , අත ගෑවම සිරුර කියා අතට අසුවන දෙය ....
ඒ දකින ප්‍රතිබිම්බය වගේම ඇත්ත එකක් නෙමේ නේද කියලා.
ඒකත් අරවගේම ඉන්ද්‍රිය මායාවක් නේද කියලා.ඇස, කණ. නාසය,දිව,කය,.... සිත හා එක්ව ඔබ ඔබව කර පෙන්වයි.... අර කැඩපත මායාව වගේ.
ඇත්තේ පුද්ගලයෙක්ද?... නැත්නම් ... ඇසීම... පෙනීම... දැනීම...දැකීම වන් ධර්මතා නො වේද?

මේක කියවන ඔබ එක අකුරකට හිත යොමු කරනවිට අනෙක්වා නොපෙනේ. ඊලග අකුර ගන්නවිට පළමුව දැක්ක එක අතීතයට ගොස් හමාරය.එය දැන් පෙර කර්මයයි. මෙහෙම නෙමෙයිද මේ භවය ගෙතෙන්නේ?.. ඉස්සරහට යන්නේ.
යන කෙනා ඉන්නේ කැඩපතේ මෙනි.ස්ථිරව එතැන කවුරු හෝ නැත.අපි හිතනවා කැඩපතේ ඉන්නේ මම කියා . ඒ වගේ දෙයක් නේද මේ ලෝකය තුළ වෙන්නේ?
අප ඉන්ද්‍රිය හා සිත එක්ව ගොතන මේ දාමය.. මාලය... නෙමේද ජීවත් වෙනවා කියන්නේ. 
සැප/දුක්/උපෙක්ඛා ... සිතම නේද? 
අප හදා ගන්නා පෙර ආත්ම/ පසු ආත්ම/ දිව්‍ය /බ්‍රහ්ම/ මිනිස් /සුර / අසුර/ ප්‍රේත/කුම්භාණ්ඩ /තිරිසන්/මේ සියල්ලම මේ කැඩපත ප්‍රතිබිම්භයෝ වෙත්.

(නුවණින් ම විමසත්වා !)

AnandaW.

Comments

Popular posts from this blog

සම්මා සති යනු ශාරීරික අවදියද?

හුදෙකලාව හා නිහැඩියාව

Adding items to a public page