Posts

Image
අප නිතර කතා කරන “නාම“ “ රූප “ ...... යනු මොනවාද? ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^ 1. නාම.... යන්නෙහි දළ අදහස මානසින හෙවත් මනසට ගෝචර වන දේවල්ය. දම්මානු පස්සනා... චිත්තානු පස්සනා වැනි සිතෙන් කරන අභ්‍යාස එහි ගැඹුරටම යන අතර.......... එදිනෙදා ජීවිතයේදී සිතට අරමුණු වන දේවල් “නාම“ වශයෙන් ගනිමු. 2. “ රූප “ .... යනු මහ භූතවලින් ( ආපෝ.. තේජෝ... වායෝ.... පඨවි ) නිර්මිත වූ ජීව.. අජීව සියල්ලය. ගහ කොළ සතා සීපාවා පාරිසරික දේ මීට අයත්වේ. මේ දෙක එකකට එකක් වශයෙන් සංයෝජනය වී පවතී. උදාහරණයක් හැටියට “ ගසක්‘ යන රූපය ගනිමු. එය මහ භූතවලින් සැකසුන එකකි. නමුත් මේ ගස ඇසෙන් දකින විටම ගසක් යන සංඥාව මොළයට යැවේ.  මොළයෙහි ගස පිළිබදව පූර්ව මතකයන් ඇත. ඒ මතක සමග ඇස ගැටුණ ගසේ රුව අපට ගස ගැන විවරනයක් ලබාදේ. ඒ අනුව අප   “ රතු රෝස මල් ගස...“. යන විඤ්ඤානය අපට ලැබේ. මෙවන් විඤ්ඤාන ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් මනසෙහි වේ. අරමුණ ඉන්ද්‍රිය හා ගැටෙත්ම එකී ගබඩාවෙන් අදාළ තොරතුරැ ( දත්ත) ගිණිය නොහැකි වේගයෙන් සිතට ගලා එයි. එපමණක් ද නොවේ. ............. නැවත නැවත විශ්ලේෂණය කොට නව විඤ්ඤාන බිහිව ගබඩා කෙරේ. මේවා සමහරක් ජීවිත කාලයටම ම...

කැලේ ගසක් වෙමි

Image
කැලේ ගසක් වෙමි පරිසරයට අනුගතව ආලෝකය/ වාතය/ ජලය ලබමින් පසෙන් පෝෂණය වෙමින් මා කෙමෙන් වැඩෙමි. මාගේ මල් , ඵල ලබනට විහගුන්, බිගුන්, සමනලුන් , මා කෙරේ පැමිණෙත්. ඔවුන ගේ ගුමු ගුමුව, කිචිබිචිය මා දෙසවන් වැටේ. මනස්කාන්ත සුන්දරත්වය, වර්ණය, මා ඇස ගැටේ. නමුත් මට ඒ ගැන නිනව්වක් නැත. ඔවුන් කියන දේ ගැන මම නොතකමි. ඔවුනගේ පැමිණීම හෝ මල් ඵල නැති කලට මා දෙස නොබලා අනෙක් ගසක් වෙත යාම ගැන මගේ සතුටක් හෝ අසතුටක් නැත. මගේ ඵල රසවත් යැයි ඔවුන් කියනු ඇත. තවෙකෙක් නීරස යැයිද පවසනු ඇත. මොනවා කීවත් මට ඉන් සතුටක් හෝ අසතුටක් නොදැනේ. සොබාවික වෙනස්වීම් මා නිහඩව විද දරාගනිමි. ඇනුම් පද කීමක් හෝ ස්ත්‍රොත්‍ර ගැයීමක් මා නොකරමි. මගේ සෙවන ලැබුවෙක් මාගේ අතුපතර සිද දැම්ම ද , තවෙකෙක් පැමිණ ජලය, පෝර සපයා මා ජීවත් කරනට උත්සහ කළද මම එම දෙදෙනාටම සෙවන දෙමි. දෙදෙනාටම සම මෙත් පතුරවමි. තව තවත් ඉදිරි පරපුර රැකගන්නට දායාද දෙමි. කෙදිනක හෝ නිහඩව සමු ගනිමි. මා සිටි බවක් කවරෙකු හෝ නොදන්නවා ද විය හැක. මා කැලේ ගසක්මි. මනසින් උසස් ඔබට මා මෙන් මෙත්තා ... මුදිතා .... කරැණා ... උපෙක්ඛා ... ගුණයන් සැබවටම දැරිය හැකිද? (ආනන්ද විජයරත්න - අඡාන්චා හිමි...
දහම තුළ සිත සසර ගමන නිම කළ බුද්ධ ශ්‍රාවකයෝ එම ඵල ප්‍රාප්තිය ලබා ගත්තේ චිත්ත දමනය නම් වූ ප්‍රායෝගික ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ගුරු උපදේශ නිසි පරිදි පිළිපැදීමෙන් මිස, සිතෙහි ව්‍යුහය පිළිබඳ ගැඹුරු විමර්ශන කිරීමෙන් නොවේ. කල් යත්ම ග්‍රන්ථ ධූරය දියුණු වූ පසු සිත පිළිබඳ විද්‍යාවක් ගොඩනැගුණු නිසා බුදු දහමත්, නවීන විද්‍යාවත් ඇසුරු කර ගනිමින් සිතෙහි පිහිටීම ව්‍යුහය හා චරණය පිළිබඳ දාර්ශනික විග්‍රහ කිරීමට උගත්හු නැඹුරුවූහ. චිත්ත විද්‍යාව කුතුහලය දනවන විෂයකි. නවීන විද්‍යාවේ වර්ධනයත්, විශේෂයෙන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම සිත පිළිබඳ විවිධ අපෝහණ ගොඩනැගුණු අතර, අද එය ප්‍රත්‍යොක පර්යේෂණ පාදක කරගත් ආකර්ශනීය විද්‍යාවක් වී ඇත. සිත මගින්ම සිත දැකිය හැකි ප්‍රඥා ශක්තිය කර නොගත් තත්කාලීන මිනිසාට සිත පිළිබඳ ගුප්තාර්ථ සම්මර්ෂණය කිරීමට නවීන විද්‍යාත්මක පර්යේෂණවලින් ලැබෙන පිටුබලය බැහැර කළ නොහැකිය. එහිදී ගනු ලබන ඇතැම් නිගමන බුදු සමයාන්තර දේශනා සමග ගැලපෙන අතර සමහර නිගමන ඊට ප්‍රතිපක්‍ෂ වන බව පෙනේ. මේ නි.මන මූලික වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය. 1. සිත ද්‍රව්‍යමය නොවන අනින්ද්‍රිය අරූපී ජෛව ශක්තියකි. 2. සිත ද්‍රව්‍ය...
Image
සිත පවතින්නේ කොහේද? සත්ත්ව ලෝකයේ සිටින දහස් ගණන් වූ සත්ත්ව විශේෂ අතුරින් මිනිසාට පමණක් විශේෂිත වූ මෙම සිත හෙවත් මනස පවතින්නේ කොතැනද යන්න වටහා ගැනීමට දැන් උත්සාහ කරමු. පෙරදී සඳහන් කළ පරිදි මනස ඇති වන්නේ මිනිස් මොළය පදනම් කර ගනිමිනි. මොළයේ පවතින්නා වූ නියුරෝන සෛල කෝටි ගණනාවක් යම් කිසි නිශ්චිත පිළිවෙලකට සකස්වීම නිසා ඇති වන බලවේගය සිත නමින් හැදින් වේ. මෙය සරල උදාහරනයක් මගින් වටහා ගැනීමට උත්සාහ කරමු. මෝටර් රථයක් යනු ඇංජිම, බැටරිය, රෝද, සුක්කානම ආදී කොටස් වලින් සමත්විත උපකරනයක් වේ. මෝටර් රථයක වැදගත්ම ගුණාංගය වන්නේ ඊට ගමන් කිරීමේ හැකියාවක් පැවතීමයි. මෙම ගමන් කිරීමේ හැකියාව මෝටර් රථයට පිටතින් පවතින්නක් නොවන අතර එය මෝටර් රථය අභ්‍යයන්තරයේම පවතින්නකි. මෝටර් රථයේ ඇංජිම සෑදී ඇති කොටස් සහ සෙසු කොටස් නියම්ත පරිදි සකස් කිරීම තුළ ඊට "ගමන් කිරීමේ හැකියාව" ලැබෙන බව අපි දනිමු. මිනිස් මොළයේ ස්වභාවයද මීට සමාන වේ. මිනිස් මොළයේ පිහිටි කෝටි සංඛ්‍යාත නියුරෝන සෛල කිසියම් නිශ්චිත පිළිවෙලකට සකස් වීම නිසා මිනිස් මොළය පදනම් කර ගනිමින් සිත හෙවත්  සිතීමේ හැකියාව නිර්මාණය වී තිබේ. සිත යනු මිනිසාට පරිභාහි...
Image
many days in the year as you make use of. One man gets only a week’s value out o f a year while another man gets a full year’s value out of a week.” Charles Richards

Adding items to a public page

ඔබේ සිත දෙස බලන්න. එය නිබදවම වෙනස්වන අයුරැ දකින්න. එය ක්ෂණයකුදු නොපවත්නේ වෙයි.( ලහු පරිවත්තං චිත්තං ) . ඔබ රූපය දෙස බලන්න. එය නිබදවම බැහරින් හා ඇතුළතින් වෙනස්වන අයුරු පිරික්සන්න. ඇස ,කණ,නාසය, දිව, සම වලින් ගන්නා අරමුණු මත මන එක්වී කරන සමායෝජනයෙන් සිතුවිලි ඇතිවේ. එකම දේ දෙදෙනෙක් දකින්නේ දෙවිදිහකටය. දක්වන ප්‍රතිචාරද වෙනස් විය හැක. සැප දුක,වේදනා අත් විදින්නේ එක් එක් කෙනා වෙනස්වය. මේ සදහා ඔබ තම නැණ නුවණ යොදාගත යුතුය.  ඇස අපව රවටනු ලබයි. කණ අපව රවටයි. මේවා දකින්න එම මායාව හදුනා ගන්න ඔබ සමත් විය යුතුයි. අඹ ගෙඩියක ඇඹුල් රසය කන කෙනා ගේ මුහුණෙන් වුව අපට වටහා ගත හැත.ඒත් ඇඹුල් මේ වගේ රසක් යැයි වචනවලින් කිව්වාට සංජානනය නොවේ. අප එය අනුභව කොට වටහා ගත යුතුය.බඩ ගින්න වුව , පිපාසය වුව, වචනවලින් නොහැගේ. ඒ නිසා ඒ සදහා ප්‍රත්‍යක්ෂය ඇවැසි වේ.

Mind-calm

Image