සිත පවතින්නේ කොහේද?

සත්ත්ව ලෝකයේ සිටින දහස් ගණන් වූ සත්ත්ව විශේෂ අතුරින් මිනිසාට පමණක් විශේෂිත වූ මෙම සිත හෙවත් මනස පවතින්නේ කොතැනද යන්න වටහා ගැනීමට දැන් උත්සාහ කරමු. පෙරදී සඳහන් කළ පරිදි මනස ඇති වන්නේ මිනිස් මොළය පදනම් කර ගනිමිනි. මොළයේ පවතින්නා වූ නියුරෝන සෛල කෝටි ගණනාවක් යම් කිසි නිශ්චිත පිළිවෙලකට සකස්වීම නිසා ඇති වන බලවේගය සිත නමින් හැදින් වේ. මෙය සරල උදාහරනයක් මගින් වටහා ගැනීමට උත්සාහ කරමු. මෝටර් රථයක් යනු ඇංජිම, බැටරිය, රෝද, සුක්කානම ආදී කොටස් වලින් සමත්විත උපකරනයක් වේ. මෝටර් රථයක වැදගත්ම ගුණාංගය වන්නේ ඊට ගමන් කිරීමේ හැකියාවක් පැවතීමයි. මෙම ගමන් කිරීමේ හැකියාව මෝටර් රථයට පිටතින් පවතින්නක් නොවන අතර එය මෝටර් රථය අභ්‍යයන්තරයේම පවතින්නකි. මෝටර් රථයේ ඇංජිම සෑදී ඇති කොටස් සහ සෙසු කොටස් නියම්ත පරිදි සකස් කිරීම තුළ ඊට "ගමන් කිරීමේ හැකියාව" ලැබෙන බව අපි දනිමු. මිනිස් මොළයේ ස්වභාවයද මීට සමාන වේ. මිනිස් මොළයේ පිහිටි කෝටි සංඛ්‍යාත නියුරෝන සෛල කිසියම් නිශ්චිත පිළිවෙලකට සකස් වීම නිසා මිනිස් මොළය පදනම් කර ගනිමින් සිත හෙවත් සිතීමේ හැකියාව නිර්මාණය වී තිබේ.

සිත යනු මිනිසාට පරිභාහිරව පවතින්නක් නොවන අතර, මිනිස් මොළය පදනම් කරගනිමින් ඇතිවන බලවේගයක් වේ. මෝටර් රථයක ඇංජිම විනාශ වීමෙන් එහි ගමන් කිරීමේ හැකියාව අහෝසි වන්නාක් සේ, මිනිස් මොළයට හානි සිදුවීමෙන් සිතීමේ හැකියාව හා සම්බන්ධ ගැටළු ඇති වේ.
මෝටර් රථයක් යළි භාවිතයට ගැනීමට නොහැකි ලෙසින් විනාශ වී ගිය කළ එහි තිබූ ගමන් කිරීමේ බලයද ඒ සමඟම අහෝසි වී යන අතර එම බලය කිසි ලෙසකින් වත් වෙනත් මෝටර් රථයකට ඇතුළු නොවේ. වෙනත් මෝටර් රථයක ඇත්තේ වෙනත් ගමන් කිරීමේ බලයකි. මිනිස් සිතද මේ හා සමානය. නැවත ප්‍රකෘතිමත් කළ නොහැකි ලෙසින් මිනිස් මොළය අක්‍රීය වූ විට (එනම් මිනිසෙකු මිය ගිය විට) මිනිස් මොළය පදනම් කරගනිමින් නිර්මාණය වූ සිත හෙවත් සිතීමේ හැකියාවද අහෝසි වේ. එය වෙනත් ශරීරයකට (හෝ කළලයකට) ආරෝපණය වීමක් හෝ විශ්වයේ සැරි සැරීමක් හෝ සිදු නොවේ. පැහැදිලි ලෙසම, මිනිස් මොළය මිය ගිය විට සිත නමින් බලයක් තව දුරටත් ඉතිරි නොවන අතර මිනිස් මොළය පදනම් කර ගනිමින් නිර්මාණය වූ සිත මිනිස් මොළය අක්‍රීය වීමත් සමගින් අහෝසි වී යනු ලැබේ.


Comments

Popular posts from this blog

සම්මා සති යනු ශාරීරික අවදියද?

හුදෙකලාව හා නිහැඩියාව

සසර ගමන