අප නිතර කතා කරන “නාම“ “ රූප “ ...... යනු මොනවාද?
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^


1. නාම.... යන්නෙහි දළ අදහස මානසින හෙවත් මනසට ගෝචර වන දේවල්ය. දම්මානු පස්සනා... චිත්තානු පස්සනා වැනි සිතෙන් කරන අභ්‍යාස එහි ගැඹුරටම යන අතර.......... එදිනෙදා ජීවිතයේදී සිතට අරමුණු වන දේවල් “නාම“ වශයෙන් ගනිමු.


2. “ රූප “ .... යනු මහ භූතවලින් ( ආපෝ.. තේජෝ... වායෝ.... පඨවි ) නිර්මිත වූ ජීව.. අජීව සියල්ලය. ගහ කොළ සතා සීපාවා පාරිසරික දේ මීට අයත්වේ.


මේ දෙක එකකට එකක් වශයෙන් සංයෝජනය වී පවතී. උදාහරණයක් හැටියට “ ගසක්‘ යන රූපය ගනිමු. එය මහ භූතවලින් සැකසුන එකකි. නමුත් මේ ගස ඇසෙන් දකින විටම ගසක් යන සංඥාව මොළයට යැවේ. 
මොළයෙහි ගස පිළිබදව පූර්ව මතකයන් ඇත. ඒ මතක සමග ඇස ගැටුණ ගසේ රුව අපට ගස ගැන විවරනයක් ලබාදේ. ඒ අනුව අප   “ රතු රෝස මල් ගස...“. යන විඤ්ඤානය අපට ලැබේ. මෙවන් විඤ්ඤාන ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් මනසෙහි වේ. අරමුණ ඉන්ද්‍රිය හා ගැටෙත්ම එකී ගබඩාවෙන් අදාළ තොරතුරැ ( දත්ත) ගිණිය නොහැකි වේගයෙන් සිතට ගලා එයි.
එපමණක් ද නොවේ. .............

නැවත නැවත විශ්ලේෂණය කොට නව විඤ්ඤාන බිහිව ගබඩා කෙරේ. මේවා සමහරක් ජීවිත කාලයටම මතක තිබෙන තරම් තීව්‍ර ඒවා වන අතර සමහර ඒවා තාවකාලිකව මතක තිබී අමතකව යයි. සමහර අතීත මිහිරි මතකයන් දැනුදු මුවගට සිනාවක් නංවයි. ඒ අතරම දෑසට කදුලක් නංවන දුක්බර අමිහිරි අතීතයන්ද නොමැකී පැවතේ.
අරමුණක් ඉන්ද්‍රියයන් ස්පර්ශ කළ සැණින් මෙම විඤ්ඤාන අවදි වේ. ඒ සමග ප්‍රතිචාර දැක්වේ.

(ආනන්ද විජයරත්න)

Comments

Popular posts from this blog

සම්මා සති යනු ශාරීරික අවදියද?