Loading...

Search This Blog

Monday, June 20, 2016

සම්මා සති යනු ශාරීරික අවදියද?



සිහිය ජීවය රැගෙන එන බලයකි....
එය විටෙක හැකිලෙයි.නිදිමත එනවිට සිහිය අවම වී ගැඹුරු නින්දේ දී යටපත්වයයි.මේ සිහියට එහා ගිය මානසික අවදියක්ද ඇත.
ඒ සදහා අභ්‍යාස හදුන්වා දී ඇත......
පයේ සිහිය පිහිටුවා ලෙන සක්මන.. නාසාග්‍රයේ සිහය තියාගෙන ශ්වසනය....
මේ අභ්‍යාශ වෙහෙසකරය.. සිහිය ගිලිහෙනු ඇත... විටින් විට පෙර තිබූ තත්වයටම පත්වේ.
වටහා ගතයුත්තේ සොබාවිකව ගෙනා සිහියේ දියුණු කරන්න දෙයක් නැති බවයි... ලස්සණ මලක ඔබට කරන්න දෙයක් නැතිවාක් මෙනි.
කළ හැක්කේ සිහිය වසා ඇති ආවරණ ඉවත් කිරීමයි... මොනවාද මේ ආවරන? කෝපය... ශෝකය ... භය ... ආශාව .. එවන් ආවරණයෝය.ඒවා ඉවත් කරන්න කරන්න සිහිය වඩ වඩා පැහදිළිවේ.මෙසේ සිහිය වසාගන්නා දේ පොදුවේ කෙලෙස් .. වේ.
මේවා දුරුකරන්න විවිධ යෝජනා ඇත.ලෝභය දුරු කරන්න .. දානය හෙවත් දීම /පරිත්‍යාග .. කරන්න කියයි.
එයද මුලාවක් වන්නේ එසේ එකින් එක දුරුකරන්න තිබෙන කෙලෙස් ප්‍රමාණ අනුව ජීවිත කාලයම මදිවීමයි.... එසේ නම් මීට පොදු ක්‍රමයක් තියෙන්න ඕනෑ.
----------------------- 000000000000------------------
එසේනම් සමාජ විඤ්ඤානය......
( කූඹි රැළක/ මී මැසි පොදුයක පවතින් පොදු බව/පොදු හැසිරීම් රටාව ) ...
අත හරින්න වෙනවා. ..
සංස්කෘතිය .... ආගම් ... සංකල්ප.... මත ... පදනම්ව සමාජය තුල දී ඇති වටිනාකම්.... ඉවත් කරන්න වෙනවා...
ඒ සියල්ල පෙරා දැමූ පසු නැවත පියවි සිහිය හෙවත් ජීවියාට උපතින් හිමිවන සිහිය වෙත යාහැක.
එතෙක් ඔබ ඇහැරී සිටියත් ඉන්නේ අඩනින්දකය... පූර්ණ සිහියක නොවේ..
( පූර්ණ සිහියක ඉන්නාට සමාජීය වටිනිකමක් ද නැත )
Ananda W.

Tuesday, May 10, 2016

ආගමක් අදහන්නෙකුට වඩා ඉක්මනට නිරාගමිකයෙකුට සත්‍ය ගවේශනය පහසු වේ යැයි ඔබ සිතන්නෙහි ද?

ආගමක් අදහන්නෙකුට වඩා ඉක්මනට නිරාගමිකයෙකුට සත්‍ය ගවේශනය පහසු වේ යැයි ඔබ සිතන්නෙහි ද?
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
කිසියම් දෘෂ්ඨි හෙවත් මතවාද ආගම් වශයෙන් අප අල්ලා ගෙන ඒ අනුව අප ගේ සිතුම් පැතුම් විග්‍රහ කරන්නෙමු. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඒ මත බාධාකරයි. සමහර විටෙක ආගමට පටහැණි සිතුවිලි කියා ඉන් ඔබ්බට සිතන්න බියවෙයි.
මෙනිසා නිදහසේ සිතන්නා සිත කුමක්ද කියා පළමුව හදුනා ගනී. සිත නිසාම ආගම් ඇත.සංකල්පනා ඇත.සොයා ගැනීම් ඇත.විෂයයන් ඇත... කොටින්ම කියනවා නම් ඔබ ලෝකය තුළ ජීවත්වෙනවා යන්න සිතේම මායාවක් බව දන්නෝ අල්පය.
සිතේ හැසිරීම ගැන දොඩන අපට එහි හැඩයක් දැකිය හැකිද?
කරුණා සිත ... යන නම එම ගුණය ඇතුලු කිරීමෙනි.
ද්වේශ සිත ... මෛත්‍රී සිත... යනු ද එබන්දකි.
සිත පුහුණු කළෝ අපට බැරි විවිධ දස්කම් ප්‍රාතිහාර්ය දක්වත්...
ක්‍රීඩා කෞශල්‍ය ඇති කරගනිත්.
බොරුවෙන් ... මුලාවෙන් අපව අන්දවන්නෝ ද එම කාර්ය ප්‍රගුණ කළෝ වෙති.
සිත නිවා ගන්නෝද සිතේ හැසිරීම ප්‍රත්‍යෙව්ෂණය කොට එම කාර්ය කරගනිත්.
අපරාධ කරන්නෝද එබදුම වෙති.
ඔබ .. මම ... විවිධ නම් වලින් සමාජය තුළ පෙනී සිටින්නේ ද ... රංගනයක යෙදීමෙනි....
සත්‍ය ගවේශකයා සිත හදුනයි... එය ඇතිවන ... නැති වන .. ධර්මතාවයක් මිස වෙන ගතයුත්තක් ඒ තුළ නැති බව දැක
නොඇලෙයි...
නොගැටෙයි ...
නිවෙයි.
AnandaW.

Saturday, December 7, 2013



ඔබ ගේ සමීපතමයෙකු මරණ මංචකයේ වැතිර සිටිනු දකින ඔබට කළ හැකි යමක්වේද?
^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^

මව,පියා,බිරිද, ස්වාමියා,දරුවා, මිතුරා ඔබ හැරයාමට සැරසේ. 
ජීවිතයේ ඔබ මුහුණ දෙන අමාරුම අවස්ථාවයි අසරණම අවස්ථාවයි ඒ......
ආදරණීයයා කෙළින්ම අමතන්න. ඔහු ගේ අතක් දැඩිව ගන්න. අල්ලාගෙන ඔහු තමා වෙනුවෙන් වැය කළ දේ වල අගය පවසන්න. එවන් කෙනෙකු ලැබීම ගැන සතුටුවන බව කියන්න. තව දුරටත් ඔබ අප වෙනුවෙන් මහන්සි නොවී ඔබ සොයන සැනසිල්ල මේ මොහොතේ විද ගන්න අප සියලු දෙනාගේම ආශීර්වාද ඔහුට 
හිමිවන බව හැඩීම් වැළපීමෙන් තොරව දන්වන්න. මේ මොහොතේත් ඔහු හා එක්ව එම අවස්ථාවට මුහුණු දීමට ශක්තිය,ධෛර්ය දෙන බව අත තදින්ම ගෙන එඩිතරව කියන්න.තමා ඔහු සමගම ගමනේ නිමාව අවස්ථාව දක්වා ඉන්න බවත්, බියවිය යුතු කිසිවක් නොමැති වගත් දන්වන්න.
ඔහුට සුවදායක මරණයක් හිමිවනු ඇත.පසුව අත හෙමින් ඉවත් කරගන්න.
( මේ කටයුත්තට පුහුණුව සිටි එකී වෛද්‍යවරයාට කෙතරම් ඉල්ලුමක් වීද යතහොත් පසුව ඉටු කිරීමට බැරිතරම් වීය. )

(Understanding the dying process may help ease fear of death.)

Thursday, October 10, 2013

බිත්තියෙ තියන කැඩපත මට කියනවද? ලෝකෙන් ඉතා ලස්සණ වන්නේ කවුද?

බිත්තියෙ තියන කැඩපත මට කියනවද... ලෝකෙන් ඉතා ලස්සණ

වන්නේ කවුද?


සින්ඩරෙල්ලා ගේ පුංචි අම්ම එහෙම අහනවලු හැමදාම.
ඔබත් ඒ වගේ කොපමණ වෙලාවක් කැඩපත ඉදිරියේ කාලය ගෙවා ඇතිද? ඒත් නිකමට හෝ තමා ගෙන් ඇහුවද ඒ ඉන්නේ කවුද කියලා?
පළමු වතාවට කැඩපතකින් තම ඡායාව දුටු ගමරාළ නම් කීවලු ඒ තමා ගේ අප්පොච්චා බව. 
ඇයි ඔබ ඒ ඉන්නේ තමාම බව හිතන්නේ. 
කුරුල්ලෝ සමහර විටෙක ඒ තම ප්‍රතිබිම්බය බව නොදැන කොටනවාත් දැක ඇති. අලියෙක් නම් මා වීඩියෝ ක්ලිපයක දැක්කා තම නළලේ තිලකයක් තබා ගන්නවා කැඩපතින් බලලා.
රේරුකානේ හාමුදුරුවෝ මෙහෙම කියනවා....
ඔබ පසුගිය ආත්මය බවත් ....කැඩපතේ දකින රුව මේ ආත්මය බවත්. මොකද කියන්නේ ? ඔවු උන්වහන්සේ ඒක කියන්නේ තේරුමක් ඇතිව. 
ඔබ ගේ සිත, ඇස ,කණ,නාසයාදී ඉන්ද්‍රියයන් මගින් මේ ප්‍රතිබිම්බය ඔබේ බවට ඔබ තුළ තහවුරු කරනවා.
එවගේම දැන් ඔබ ඔබ ගේ සිරුර ලෙස දකින දෙය , අත ගෑවම සිරුර කියා අතට අසුවන දෙය ....
ඒ දකින ප්‍රතිබිම්බය වගේම ඇත්ත එකක් නෙමේ නේද කියලා.
ඒකත් අරවගේම ඉන්ද්‍රිය මායාවක් නේද කියලා.ඇස, කණ. නාසය,දිව,කය,.... සිත හා එක්ව ඔබ ඔබව කර පෙන්වයි.... අර කැඩපත මායාව වගේ.
ඇත්තේ පුද්ගලයෙක්ද?... නැත්නම් ... ඇසීම... පෙනීම... දැනීම...දැකීම වන් ධර්මතා නො වේද?

මේක කියවන ඔබ එක අකුරකට හිත යොමු කරනවිට අනෙක්වා නොපෙනේ. ඊලග අකුර ගන්නවිට පළමුව දැක්ක එක අතීතයට ගොස් හමාරය.එය දැන් පෙර කර්මයයි. මෙහෙම නෙමෙයිද මේ භවය ගෙතෙන්නේ?.. ඉස්සරහට යන්නේ.
යන කෙනා ඉන්නේ කැඩපතේ මෙනි.ස්ථිරව එතැන කවුරු හෝ නැත.අපි හිතනවා කැඩපතේ ඉන්නේ මම කියා . ඒ වගේ දෙයක් නේද මේ ලෝකය තුළ වෙන්නේ?
අප ඉන්ද්‍රිය හා සිත එක්ව ගොතන මේ දාමය.. මාලය... නෙමේද ජීවත් වෙනවා කියන්නේ. 
සැප/දුක්/උපෙක්ඛා ... සිතම නේද? 
අප හදා ගන්නා පෙර ආත්ම/ පසු ආත්ම/ දිව්‍ය /බ්‍රහ්ම/ මිනිස් /සුර / අසුර/ ප්‍රේත/කුම්භාණ්ඩ /තිරිසන්/මේ සියල්ලම මේ කැඩපත ප්‍රතිබිම්භයෝ වෙත්.

(නුවණින් ම විමසත්වා !)

AnandaW.

Sunday, October 6, 2013

පාරමී







““රාහුලෝ ජාතො බන්ධනො ජා
පෙරුමන් පුරල පුරල එක වහලක්යටට ආවේ මේ මිහිර සොයා නොවේදෝ?
අද අප දෙදෙනෙක් නැත. හෙට අනිද්දාට මේ කැදැල්ල සරසන්න ලස්සන පුංචි කුමරුවෙක් , කුමරියක් අනවසරයෙන් වුව අප කැදැල්ලට ගොඩවෙනු ඇත. ඔහු,ඈ, අප බැදීම තව තව තහවුරු කරනු ඇත.
“රාහුලෝ ජාතො බන්ධනො ජාතො“ කී
තො““

+
++++++++++++++++++++++ වේ එබැවින් යැයි සිතේ. මේ බන්ධනය හැරයන්න ඔබට මට හැකිද? ඒ අපේ ආත්මීය බැදීමයි කියනු අසා ඇත්තෙමි. කෙසේනම් මා මිදෙන්නද? සිදුහත් සේ මට ඔබ දමා යා නොහැක. ඒ ඔබ යශෝධරාවක් නොවන බැවිනි. රාහුලයන් සේ ද දමා යා නොහැක. ඒ හදාවඩා සමාජගත කිරීමේ වගකීම දෙදෙනා කරට ගන්නට ගිවිස ඇති බැවිනි.
ඒත්.....,මේ බැදීම්..
අප නොදැනුවත්වම
යම් දිනෙක වියැකී යනු ඇත.
එය දැන ,,,
හෙට දින ගැන
තිර නොකොට ඉමු.
එයයි සැනසීම
එයයි නිවීම.

සසර ගමන

සංසාරගමනේ තණ්හා ආශා .. ක්ලේශමාරසේනා...
ඒ අමරදේවයන් ගේ හඩ.
කුසයකින් බිහිව ජීවන මංපෙතේ කරක්ගැසූ අප තුළ ඇත්තේ මතක සමුදායයන් පමණි.
ඒ අතීතයේ සිදුවීම් සියල්ල අදුරු සෙවනැළි මෙන් මට යාන්තමට අද සිහියට නැගේ. 
සොබා දහම කෙතරම් නම් අපූරුද? 


එදා විදි දුක්ඛ දෝමනස්සයන් අද ඉදහිට විදුලියක් කෙටුවාක් සේ මතකයට නැගී ගියත් ඒ සිහිනයක් මෙනි. එසේ නොවන්නට මම හැමදාම පිච්චි පිච්චී ඉන්ට තිබුණි.
අද මම සියලු මතක ඉවතලා ගමන නිමා කරන්නෙමි.
මගේ සිත මට අවසර දෙන්න නික්මයාමට.
තවෙකෙකුට ඉඩ දෙන්න මේ ලොව.

AnandaW.


හුදෙකලාව හා නිහැඩියාව




හුදෙකලාව හා නිහැඩියාව 

අද අප වැඩි දෙනෙක් මේ දෙකටම කැමැති නැහැයි කීවොත් ඔබ මා හා එකග වෙනු ඇත.
නෙනෙකුට මෙය බිය ගෙන දෙන්නක් ද විය හැක.
එහෙත් මා කීවාටම නොව ඔබම මේ අත්දැකීම විද බලන්න. ඔබට දැනෙන සහනය කෙතරම්දැයි සිතාගත හැකිවනු ඇත. 


කන්කරච්චලයෙන් මිදී නිහඩ වෙල් ඉස්මත්තක හෝ වන වදුලක ඇති සොදුරු බව නෙතින් ,ගතින්,සිතින්,විදින්න.

මේ නිසාම වෙන්න ඇති නිවනේ නිවීම සොයන ආර්යයෝ ගහකොල,තුරුවදුලු තම නිවහන කරගත්තේ. ඔබට වුව ඔබේ දොම්නස් සිත සොම්නසින් පුරවා ගන්න නම් හදවතේ හඩට සවන් දෙන්න. ගැටලු ලිහාගන්න නිදහසේ සිතුවිලිවලට ගලායන්න දෙන්න.
නිල්වන් අහස දෙස බලා සිතුවම් මවන්න. දිය පහරක සිලිසිලිය හෝ දුළං පොදක හීන් කෙදිරියට සවන් යොමන්න.

ඔබේ දාහය නිවී සිත සැතපෙනු ඇත. එය එකම භාවනාවක් සේ දැනෙනු ඇත. මෙය ජීවිතයට පුරුදුකරගන්න.
අවිවේකී බවින් මිදී හැකි හැම විටෙකම නිහඩ පරිසරයක සොදුරු සොබාව වැලදගන්න.
එය එකම මිතුරාකර ගන්න.
ඔබේ ගැටලු මුමුණන්න.
පිළිතුරු එසැණින් ලැබෙනු ඇත.


AnandaW.