Posts

Showing posts from October, 2013

බිත්තියෙ තියන කැඩපත මට කියනවද? ලෝකෙන් ඉතා ලස්සණ වන්නේ කවුද?

Image
බිත්තියෙ තියන කැඩපත මට කියනවද... ලෝකෙන් ඉතා ලස්සණ වන්නේ කවුද? සින්ඩරෙල්ලා ගේ පුංචි අම්ම එහෙම අහනවලු හැමදාම. ඔබත් ඒ වගේ කොපමණ වෙලාවක් කැඩපත ඉදිරියේ කාලය ගෙවා ඇතිද? ඒත් නිකමට හෝ තමා ගෙන් ඇහුවද ඒ ඉන්නේ කවුද කියලා? පළමු වතාවට කැඩපතකින් තම ඡායාව දුටු ගමරාළ නම් කීවලු ඒ තමා ගේ අප්පොච්චා බව.  ඇයි ඔබ ඒ ඉන්නේ තමාම බව හිතන්නේ.  කුරුල්ලෝ සමහර විටෙක ඒ තම ප්‍රතිබිම්බය බව නොදැන කොටනවාත් දැක ඇති. අලියෙක් නම් මා වීඩියෝ ක්ලිපයක දැක්කා තම නළලේ තිලකයක් තබා ගන්නවා කැඩපතින් බලලා. රේරුකානේ හාමුදුරුවෝ මෙහෙම කියනවා.... ඔබ පසුගිය ආත්මය බවත් ....කැඩපතේ දකින රුව මේ ආත්මය බවත්. මොකද කියන්නේ ? ඔවු උන්වහන්සේ ඒක කියන්නේ තේරුමක් ඇතිව.  ඔබ ගේ සිත, ඇස ,කණ,නාසයාදී ඉන්ද්‍රියයන් මගින් මේ ප්‍රතිබිම්බය ඔබේ බවට ඔබ තුළ තහවුරු කරනවා. එවගේම දැන් ඔබ ඔබ ගේ සිරුර ලෙස දකින දෙය , අත ගෑවම සිරුර කියා අතට අසුවන දෙය .... ඒ දකින ප්‍රතිබිම්බය වගේම ඇත්ත එකක් නෙමේ නේද කියලා. ඒකත් අරවගේම ඉන්ද්‍රිය මායාවක් නේද කියලා.ඇස, කණ. නාසය,දිව,කය,.... සිත හා එක්ව ඔබ ඔබව කර පෙන්වයි.... අර කැඩපත මායාව වගේ. ඇත්තේ පුද්ගලයෙක්ද?... නැත්නම් ... ඇසීම...

පාරමී

Image
““රාහුලෝ ජාතො බන්ධනො ජා පෙරුමන් පුරල පුරල එක වහලක්යටට ආවේ මේ මිහිර සොයා නොවේදෝ? අද අප දෙදෙනෙක් නැත. හෙට අනිද්දාට මේ කැදැල්ල සරසන්න ලස්සන පුංචි කුමරුවෙක් , කුමරියක් අනවසරයෙන් වුව අප කැදැල්ලට ගොඩවෙනු ඇත. ඔහු,ඈ, අප බැදීම තව තව තහවුරු කරනු ඇත. “රාහුලෝ ජාතො බන්ධනො ජාතො“ කී තො““ + ++++++++++++++++++++++  වේ එබැවින් යැයි සිතේ. මේ බන්ධනය හැරයන්න ඔබට මට හැකිද? ඒ අපේ ආත්මීය බැදීමයි කියනු අසා ඇත්තෙමි. කෙසේනම් මා මිදෙන්නද? සිදුහත් සේ මට ඔබ දමා යා නොහැක. ඒ ඔබ යශෝධරාවක් නොවන බැවිනි. රාහුලයන් සේ ද දමා යා නොහැක. ඒ හදාවඩා සමාජගත කිරීමේ වගකීම දෙදෙනා කරට ගන්නට ගිවිස ඇති බැවිනි. ඒත්.....,මේ බැදීම්.. අප නොදැනුවත්වම යම් දිනෙක වියැකී යනු ඇත. එය දැන ,,, හෙට දින ගැන තිර නොකොට ඉමු. එයයි සැනසීම එයයි නිවීම.

සසර ගමන

Image
සංසාරගමනේ තණ්හා ආශා .. ක්ලේශමාරසේනා... ඒ අමරදේවයන් ගේ හඩ. කුසයකින් බිහිව ජීවන මංපෙතේ කරක්ගැසූ අප තුළ ඇත්තේ මතක සමුදායයන් පමණි. ඒ අතීතයේ සිදුවීම් සියල්ල අදුරු සෙවනැළි මෙන් මට යාන්තමට අද සිහියට නැගේ.  සොබා දහම කෙතරම් නම් අපූරුද?  එදා විදි දුක්ඛ දෝමනස්සයන් අද ඉදහිට විදුලියක් කෙටුවාක් සේ මතකයට නැගී ගියත් ඒ සිහිනයක් මෙනි. එසේ නොවන්නට මම හැමදාම පිච්චි පිච්චී ඉන්ට තිබුණි. අද මම සියලු මතක ඉවතලා ගමන නිමා කරන්නෙමි. මගේ සිත මට අවසර දෙන්න නික්මයාමට. තවෙකෙකුට ඉඩ දෙන්න මේ ලොව. AnandaW.

හුදෙකලාව හා නිහැඩියාව

Image
හුදෙකලාව හා නිහැඩියාව   අද අප වැඩි දෙනෙක් මේ දෙකටම කැමැති නැහැයි කීවොත් ඔබ මා හා එකග වෙනු ඇත. නෙනෙකුට මෙය බිය ගෙන දෙන්නක් ද විය හැක. එහෙත් මා කීවාටම නොව ඔබම මේ අත්දැකීම විද බලන්න. ඔබට දැනෙන සහනය කෙතරම්දැයි සිතාගත හැකිවනු ඇත.  කන්කරච්චලයෙන් මිදී නිහඩ වෙල් ඉස්මත්තක හෝ වන වදුලක ඇති සොදුරු බව නෙතින් ,ගතින්,සිතින්,විදින්න. මේ නිසාම වෙන්න ඇති නිවනේ නිවීම සොයන ආර්යයෝ ගහකොල,තුරුවදුලු තම නිවහන කරගත්තේ. ඔබට වුව ඔබේ දොම්නස් සිත සොම්නසින් පුරවා ගන්න නම් හදවතේ හඩට සවන් දෙන්න. ගැටලු ලිහාගන්න නිදහසේ සිතුවිලිවලට ගලායන්න දෙන්න. නිල්වන් අහස දෙස බලා සිතුවම් මවන්න. දිය පහරක සිලිසිලිය හෝ දුළං පොදක හීන් කෙදිරියට සවන් යොමන්න. ඔබේ දාහය නිවී සිත සැතපෙනු ඇත. එය එකම භාවනාවක් සේ දැනෙනු ඇත. මෙය ජීවිතයට පුරුදුකරගන්න. අවිවේකී බවින් මිදී හැකි හැම විටෙකම නිහඩ පරිසරයක සොදුරු සොබාව වැලදගන්න. එය එකම මිතුරාකර ගන්න. ඔබේ ගැටලු මුමුණන්න. පිළිතුරු එසැණින් ලැබෙනු ඇත. AnandaW.