Posts

Showing posts from May, 2016

ආගමක් අදහන්නෙකුට වඩා ඉක්මනට නිරාගමිකයෙකුට සත්‍ය ගවේශනය පහසු වේ යැයි ඔබ සිතන්නෙහි ද?

Image
ආගමක් අදහන්නෙකුට වඩා ඉක්මනට නිරාගමිකයෙකුට සත්‍ය ගවේශනය පහසු වේ යැයි ඔබ සිතන්නෙහි ද? ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^ කිසියම් දෘෂ්ඨි හෙවත් මතවාද ආගම් වශයෙන් අප අල්ලා ගෙන ඒ අනුව අප ගේ සිතුම් පැතුම් විග්‍රහ කරන්නෙමු. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඒ මත බාධාකරයි. සමහර විටෙක ආගමට පටහැණි සිතුවිලි කියා ඉන් ඔබ්බට සිතන්න බියවෙයි. මෙනිසා නිදහසේ සිතන්නා සිත කුමක්ද කියා පළමුව හදුනා ගනී. සිත නිසාම ආගම් ඇත.සංකල්පනා ඇත.සොයා ගැනීම් ඇත.විෂයයන් ඇත... කොටින්ම කියනවා නම් ඔබ ලෝකය තු ළ ජීවත්වෙනවා යන්න සිතේම මායාවක් බව දන්නෝ අල්පය. සිතේ හැසිරීම ගැන දොඩන අපට එහි හැඩයක් දැකිය හැකිද? කරුණා සිත ... යන නම එම ගුණය ඇතුලු කිරීමෙනි. ද්වේශ සිත ... මෛත්‍රී සිත... යනු ද එබන්දකි. සිත පුහුණු කළෝ අපට බැරි විවිධ දස්කම් ප්‍රාතිහාර්ය දක්වත්... ක්‍රීඩා කෞශල්‍ය ඇති කරගනිත්. බොරුවෙන් ... මුලාවෙන් අපව අන්දවන්නෝ ද එම කාර්ය ප්‍රගුණ කළෝ වෙති. සිත නිවා ගන්නෝද සිතේ හැසිරීම ප්‍රත්‍යෙව්ෂණය කොට එම කාර්ය කරගනිත්. අපරාධ කරන්නෝද එබදුම වෙති. ඔබ .. මම ... විවිධ නම් වලින් සමාජය තුළ පෙනී සිටින්නේ ද ... රංගනයක යෙදීමෙනි.... සත්‍ය ග