කැලේ ගසක් වෙමි
කැලේ ගසක් වෙමි
පරිසරයට අනුගතව ආලෝකය/ වාතය/ ජලය ලබමින් පසෙන් පෝෂණය වෙමින් මා කෙමෙන් වැඩෙමි. මාගේ මල් , ඵල ලබනට විහගුන්, බිගුන්, සමනලුන් , මා කෙරේ පැමිණෙත්. ඔවුන ගේ ගුමු ගුමුව, කිචිබිචිය මා දෙසවන් වැටේ. මනස්කාන්ත සුන්දරත්වය, වර්ණය, මා ඇස ගැටේ.
නමුත් මට ඒ ගැන නිනව්වක් නැත. ඔවුන් කියන දේ ගැන මම නොතකමි. ඔවුනගේ පැමිණීම හෝ මල් ඵල නැති කලට මා දෙස නොබලා අනෙක් ගසක් වෙත යාම ගැන මගේ සතුටක් හෝ අසතුටක් නැත.
මගේ ඵල රසවත් යැයි ඔවුන් කියනු ඇත. තවෙකෙක් නීරස යැයිද පවසනු ඇත. මොනවා කීවත් මට ඉන් සතුටක් හෝ අසතුටක් නොදැනේ. සොබාවික වෙනස්වීම් මා නිහඩව විද දරාගනිමි. ඇනුම් පද කීමක් හෝ ස්ත්‍රොත්‍ර ගැයීමක් මා නොකරමි.
මගේ සෙවන ලැබුවෙක් මාගේ අතුපතර සිද දැම්ම ද , තවෙකෙක් පැමිණ ජලය, පෝර සපයා මා ජීවත් කරනට උත්සහ කළද මම එම දෙදෙනාටම සෙවන දෙමි. දෙදෙනාටම සම මෙත් පතුරවමි. තව තවත් ඉදිරි පරපුර රැකගන්නට දායාද දෙමි. කෙදිනක හෝ නිහඩව සමු ගනිමි. මා සිටි බවක් කවරෙකු හෝ නොදන්නවා ද විය හැක.
මා කැලේ ගසක්මි. මනසින් උසස් ඔබට මා මෙන් මෙත්තා ... මුදිතා .... කරැණා ... උපෙක්ඛා ...
ගුණයන් සැබවටම දැරිය හැකිද?
(ආනන්ද විජයරත්න - අඡාන්චා හිමි ගේ මූලික තේමාවයි)
Comments