දහම තුළ සිත
සසර ගමන නිම කළ බුද්ධ ශ්‍රාවකයෝ එම ඵල ප්‍රාප්තිය ලබා ගත්තේ චිත්ත දමනය නම් වූ ප්‍රායෝගික ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ගුරු උපදේශ නිසි පරිදි පිළිපැදීමෙන් මිස, සිතෙහි ව්‍යුහය පිළිබඳ ගැඹුරු විමර්ශන කිරීමෙන් නොවේ. කල් යත්ම ග්‍රන්ථ ධූරය දියුණු වූ පසු සිත පිළිබඳ විද්‍යාවක් ගොඩනැගුණු නිසා බුදු දහමත්, නවීන විද්‍යාවත් ඇසුරු කර ගනිමින් සිතෙහි පිහිටීම ව්‍යුහය හා චරණය පිළිබඳ දාර්ශනික විග්‍රහ කිරීමට උගත්හු නැඹුරුවූහ. චිත්ත විද්‍යාව කුතුහලය දනවන විෂයකි. නවීන විද්‍යාවේ වර්ධනයත්, විශේෂයෙන් වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම සිත පිළිබඳ විවිධ අපෝහණ ගොඩනැගුණු අතර, අද එය ප්‍රත්‍යොක පර්යේෂණ පාදක කරගත් ආකර්ශනීය විද්‍යාවක් වී ඇත.
සිත මගින්ම සිත දැකිය හැකි ප්‍රඥා ශක්තිය කර නොගත් තත්කාලීන මිනිසාට සිත පිළිබඳ ගුප්තාර්ථ සම්මර්ෂණය කිරීමට නවීන විද්‍යාත්මක පර්යේෂණවලින් ලැබෙන පිටුබලය බැහැර කළ නොහැකිය. එහිදී ගනු ලබන ඇතැම් නිගමන බුදු සමයාන්තර දේශනා සමග ගැලපෙන අතර සමහර නිගමන ඊට ප්‍රතිපක්‍ෂ වන බව පෙනේ. මේ නි.මන මූලික වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය.
1. සිත ද්‍රව්‍යමය නොවන අනින්ද්‍රිය අරූපී ජෛව ශක්තියකි.
2. සිත ද්‍රව්‍යමය වශයෙන් පවතින රූපී ඉන්ද්‍රියකි.
අභිධර්ම දේශනාවට අනුව සිත රූප කාන්ඩයට නොගැනෙයි. නාම ධර්මයක් වූ සිත “ අරමුණූ දැනීමේ ශක්තිය “ ලෙස දැක්වේ. නාම ධර්මයෝ , රූපස්කන්ධය මෙන් පඨවි. ආපෝ, තේජෝ වායෝ යන සතර මහා ධාතූන්ගේ සමවායෙන් සැදුම් ලද්දේ නොවේ. සිත ගැන විස්තර කරන රේරුකානේ චන්දවිමල හිමියෝ, චේත, මන, විඤ්ඤාණ, හදය, මානස යනු චිත්තයම දක්වන පාලි වචන බව ද, ඇසට නොපෙනෙන කයෙන් ස්පර්ශ කළ නොහැකි පරම සූක්‍ෂම ධර්මයක් වු මහා බලයක් ඇති සිතට ලොව ඇති සියල්ලම යටත් බවද , දුබල සිත ලොව ඇති සියල්ලටම යටත් බවද පවසති. (අභි : මූලික කරුණු , 37 - 41 පිටු ) භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන් අරභයා දේශිත තථාගත පාඨය අනුව (ධම්ම පදය - චිත්ත වග්ගය 5 ) සිත දැක්වෙන්නේ “ අසරරීරං “ හෙවත් සිරුරකින් තොර බවයි. “ අසරීරං “ යන්නෙන් රූප කාණ්ඩයට අයත් නොවන බව දක්වන්නේ ද “ සරීරං “ යන්නෙන් සත්වයාගේ සිරුර ගෙන දක්වන්නේ නම් සිත රූප නොවේ. එහෙත් අලෝකය , ශබ්දය , ගන්ධය ආදිය රූප කාණ්ඩයට අයත් බැවින් (ගෝචර රූප ) හා ඒවා ද “ අසරීර “ බැවින්ද ඒ අනුව සිත රූප කාණ්ඩයම ගන්නේ නොවේ ද යනු ද තවත් එක් මතයකි.“
‘සිත’ කුමක්ද?
විශ්‍රාමික ගුරු උපදේශක
ඒ.එම්. ප්‍රෙමරතන
( බුදු සරණ කලාපය)

Comments