"Hello,World! Hello HTML world,here I come... My First Heading"
සම්මා සති යනු ශාරීරික අවදියද?
සිහිය ජීවය රැගෙන එන බලයකි.... එය විටෙක හැකිලෙයි.නිදිමත එනවිට සිහිය අවම වී ගැඹුරු නින්දේ දී යටපත්වයයි.මේ සිහියට එහා ගිය මානසික අවදියක්ද ඇත. ඒ සදහා අභ්‍යාස හදුන්වා දී ඇත...... පයේ සිහිය පිහිටුවා ලෙන සක්මන.. නාසාග්‍රයේ සිහය තියාගෙන ශ්වසනය.... මේ අභ්‍යාශ වෙහෙසකරය.. සිහිය ගිලිහෙනු ඇත... විටින් විට පෙර තිබූ තත්වයටම පත්වේ. වටහා ගතයුත්තේ සොබාවිකව ගෙනා සිහියේ දියුණු කරන්න දෙයක් නැති බවයි... ලස්සණ මලක ඔබට කරන්න දෙයක් නැතිවාක් මෙනි. කළ හැක්කේ සිහිය වසා ඇති ආවරණ ඉවත් කිරීමයි... මොනවාද මේ ආවරන? කෝපය... ශෝකය ... භය ... ආශාව .. එවන් ආවරණයෝය.ඒවා ඉවත් කරන්න කරන්න සිහිය වඩ වඩා පැහදිළිවේ.මෙසේ සිහිය වසාගන්නා දේ පොදුවේ කෙලෙස් .. වේ. මේවා දුරුකරන්න විවිධ යෝජනා ඇත.ලෝභය දුරු කරන්න .. දානය හෙවත් දීම /පරිත්‍යාග .. කරන්න කියයි. එයද මුලාවක් වන්නේ එසේ එකින් එක දුරුකරන්න තිබෙන කෙලෙස් ප්‍රමාණ අනුව ජීවිත කාලයම මදිවීමයි.... එසේ නම් මීට පොදු ක්‍රමයක් තියෙන්න ඕනෑ. ----------------------- 000000000000------------------ එසේනම් සමාජ විඤ්ඤානය...... ( කූඹි රැළක/ මී මැසි පොදුයක පවතින් පොදු බව/පොදු හැසිරීම් රටාව ) ... අත හරින...
Comments
^^^^^^^^^^^^^^^
^^^^^^^^^^^^^^^^^^^
අපගේ ශාරීරික කොටස් නිරන්තරයෙන් වෙනස් වෙමින් අලුතින් සෛල හට ගනී. එමෙන්ම ප්‍රාණය නිරුද්ධ වූ සෛල නොකඩවා සිරුරෙන් ඉවත්වන අතරම ඒ වෙනුවට නවතම සෛල හටගන්නේය. කය මෙන්ම සිත සම්බන්ධයෙන්ද මේ වෙනස්වීම සිදුවන්නේය. සිත සම්බන්ධයෙන් මෙය වඩාත් වේගවත්ව සිදුවන්නේය.
ඔබ අතීතයේ ජීවත්වන්නේ නොවේ. ඊට හේතුව අතීතය මෙතැන්හි නොමැත. ඔබ වර්තමානයේද ජීවත්වන්නේ නොවේ.
ඊට හේතුව ඔබ වත්මන යයි පැවසීමට පෙර වර්තමානය ගෙවී යනු ඇත. එසේනම් ඔබ සිටින්නේ අනාගතයේද? එසේත් නොවේමය. අනාගතය මෙතැන්හි නොමැත. එසේ නම් ඔබ සිටින්නේ කොතැන්හිද? සත්‍යයෙන්ම ඔබ සිටිනුයේ පියාඹා යන චිත්තක්ෂණයෙහිම වන්නේ වේ. මේ මොහොතෙහිම වන්නේ වේ. එසේ කල නිත්‍ය නොවන්නාවු සිතුවිල්ලක නිත්‍යවූ ආත්මයක් තිබිය නොහේමය.