බිත්තියෙ තියන කැඩපත මට කියනවද? ලෝකෙන් ඉතා ලස්සණ වන්නේ කවුද?
බිත්තියෙ තියන කැඩපත මට කියනවද... ලෝකෙන් ඉතා ලස්සණ වන්නේ කවුද? සින්ඩරෙල්ලා ගේ පුංචි අම්ම එහෙම අහනවලු හැමදාම. ඔබත් ඒ වගේ කොපමණ වෙලාවක් කැඩපත ඉදිරියේ කාලය ගෙවා ඇතිද? ඒත් නිකමට හෝ තමා ගෙන් ඇහුවද ඒ ඉන්නේ කවුද කියලා? පළමු වතාවට කැඩපතකින් තම ඡායාව දුටු ගමරාළ නම් කීවලු ඒ තමා ගේ අප්පොච්චා බව. ඇයි ඔබ ඒ ඉන්නේ තමාම බව හිතන්නේ. කුරුල්ලෝ සමහර විටෙක ඒ තම ප්‍රතිබිම්බය බව නොදැන කොටනවාත් දැක ඇති. අලියෙක් නම් මා වීඩියෝ ක්ලිපයක දැක්කා තම නළලේ තිලකයක් තබා ගන්නවා කැඩපතින් බලලා. රේරුකානේ හාමුදුරුවෝ මෙහෙම කියනවා.... ඔබ පසුගිය ආත්මය බවත් ....කැඩපතේ දකින රුව මේ ආත්මය බවත්. මොකද කියන්නේ ? ඔවු උන්වහන්සේ ඒක කියන්නේ තේරුමක් ඇතිව. ඔබ ගේ සිත, ඇස ,කණ,නාසයාදී ඉන්ද්‍රියයන් මගින් මේ ප්‍රතිබිම්බය ඔබේ බවට ඔබ තුළ තහවුරු කරනවා. එවගේම දැන් ඔබ ඔබ ගේ සිරුර ලෙස දකින දෙය , අත ගෑවම සිරුර කියා අතට අසුවන දෙය .... ඒ දකින ප්‍රතිබිම්බය වගේම ඇත්ත එකක් නෙමේ නේද කියලා. ඒකත් අරවගේම ඉන්ද්‍රිය මායාවක් නේද කියලා.ඇස, කණ. නාසය,දිව,කය,.... සිත හා එක්ව ඔබ ඔබව කර පෙන්වයි.... අර කැඩපත මායාව වගේ. ඇත්තේ පුද්ගලයෙක්ද?... නැත්න...