Posts

Showing posts from September, 2013

භෞතික සිත හා ඥානදර්ශනය

Image
භෞතික සිත හා ඥානදර්ශනය ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^ ( භාවනාව පිළිබද සංවාදයදී පැන නැගුණ ගැටලු වලට පිළිතුරක් වශයෙන් යැවූ පණිවිඩයකි) භෞතික සිත පිළිබද මාගේ ගැටලුවක් නැත. ඒ පිළිබද මට ද අත්දැකීම් ඇත. ඒ සිත තමා ඔබ තුමිය අද සිටින අධ්‍යාපන මට්ටමට/ රැකියාවේ කාර්යභාරයේ වගකීම් සම්භාරය ඉටුකරන තැනට ගෙනආවේ.  එසේම දැනුමෙන්/අභ්‍යාසයෙන් ඒ සිත ඔප මට්ටම් වුණා. ඒත් ප්‍රඥාව? ..... ඒ කෙනෙකුට දිය හැකි නම් බුදු හිමියන් එවන් අය සොයා ම ගොස් දේශණා කළේ ඇයි? ඊලගට බුදු සමය ප්‍රඥාවන්තයනට පමණක් සීමා වන බවක් ප්‍රකාශ කළේ ඇයි? දැයි සිතන්න. මා දන්නා තරමින් භෞතික “සිත“ හා “ප්‍රඥාව“ අතර සම්බන්ධතාවයක් නැහ. භෞතික සිතක ඒකාග්‍රතාවය පාලනය අංජනම්කාරයාටත් පිලිවන. ප්‍රඥාව යනු වඩන හෝ රකින එකක් නොවේ. ඒ තමා ධර්මතාවය. ඒ තේරුම් ගන්නවා හැරෙන්න අපට කළයුතු කිසිවක් නැත. එයයි මා පුන පුනා කීවේ. ධර්මතාවයන්... කිසියම් විශ්ව ගාමක බලවේගයක ප්‍රථිඵලයක් විය හැක. මා අසා ඇති පරිදි එය හේතු ප්‍රත්‍ය මත සිදුවන්නක් නොවේ. බඩඉරිගු කරලක ඇට ලස්සණ මෝස්තරයකට හැඩගැන්වී ඇත්තේත් කුරුමිණියා ගේ සමනළයා ගේ වර්ණ වල විචිත්‍රත්වයත් වැනි විශ්වය තුළ ඇති අපූරු දේ මිනිස